ප්‍රංශයේ නිවාඩු දින දෙකක් අවලංගුයි


මුදල් ඉතිරි කර ගැනීමේ අරමුණෙන්, ප්‍රංශයේ රජයේ නිවාඩු දින දෙකක් අවලංගු කිරීමට එරට අග්‍රාමාත්‍ය ෆ්‍රැන්කොයිස් බයිරූ යෝජනා කර ඇත.

අයවැය පරතරය පිරවීම සඳහා වියදම් කප්පාදු කිරීමට රජය ඉලක්ක කරන බැවින්, මෙලෙස රජයේ නිවාඩු දින දෙකක් ඉවත් කිරීමට සලකා බලන බව අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කර ඇත.

දැනට ප්‍රංශයේ තිබෙන රජයේ නිවාඩු දෙකක් වන පාස්කු සඳුදා හා යුරෝපයේ දෙවැනි ලෝක යුද්ධය අවසන් වීමට බලපෑ මිත්‍ර පාර්ශවයන්ගේ ජයග්‍රහණ දිනය සමරන මැයි 8 වැනිදා නිවාඩු ලැයිස්තුවෙන් ඉවත් කිරීමට යෝජනා වී තිබේ.

ෙසරත් ඍතුවේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත මීළඟ අයවැය පරාජය වීමේ අවධානමකට පත්ව ඇති අතර එලෙස සිදුවුණොත් ප්‍රංශ රජය බිඳ වැටීමට ඉඩ ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.