ප්‍රංශ ප්‍රහාරක ජෙට් යානා දෙකක් හැපෙයි


ඊසානදිග ප්‍රංශයේ, සැන් ඩිසෙර් නගරයේ ගුවන් සන්දර්ශනයක් අතරතුරේ, ගුවනේ කරණම් ගසමින් සිටි ප්‍රහාරක ජෙට් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවිය. 

ගුවන් යානාවල නියමුවන් දෙදෙනා සහ එක් යානයක සිටි තවත් මගියකු අනතුර සිදුවීමට ඔන්න මෙන්න කියා තිබියදී යානාවලින් පිටතට පැනගත් අතර පැරෂූට් ආධාරයෙන් ඔවුහු පහළට පැමිණියහ.

පහළට පැමිණෙද්දී ඔවුන් තිදෙනා සිහිසුන් තත්ත්වයක පසුවුණු අතර, ඔවුන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සිදුවිය.

(ඒ.එෆ්.පී.)