පකිස්තානයේ බලුකිස්තානයේ කුස්දාර්හි ශා නුරානි සිද්ධස්ථානයේ බෝම්බයක් පිපිරීමෙන් 30දෙනකු පමණ මියගොස් 70ක පමණ පිරිසක් තුවාල ලබා ඇතැයි පක්ස්තාන මාධ්‍ය වාර්තා කරයි. මියගිය අය අතර දරුවන් හා කාන්තාවන් ද සිටින බවත් ඔවුන් රැඟුමක යෙදෙමින් සිටිය දී බෝම්බ ප්‍රහාරය එල්ල වූ බවත් පැවසේ.
අයි එස් සංවිධානය මෙම මරාගෙන මැරෙන ප්‍රහාරයේ වගකීම බාරගෙන ඇත.




