පකිස්තානය සම්බැරීන්-කෘස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව එරට ආරක්ෂක අමාත්‍යංශය කියයි.
බාබුර්-3 නම් එම මිසයිලය කිලෝමීටර් 450ක පමණ පරාසයකට එල්ල කළ හැකි අතර එයට න්‍යෂ්ටික බෝම්බ රැගෙන යාමේ හැකියාවක් ද ඇත.
මෙමගින් එරට තාක්ෂණික ප්‍රගතිය හා ආත්ම විශ්වාසය පෙන්නුම් කළ බව අගමැති නවාස් ශරීෆ් මහතා පැවසීය.
මේ නිසා ඉන්දියාව හා පවතින ගැටුම්කාරී තත්ත්වය උත්සන්න වනු ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

