නේපාලයේ මව්කිරි බැංකුවක්


නේපාලයේ පළමු වරට ළදරුවන්ට මව්කිරි අවහශ්‍යතා වෙනුවෙන් මව්කිරි බැංකුවක් ස්ථාපිත කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

අඩු බර උපත්, නොමේරූ සහ අනෙකුත් අවදානම් සහත අලු‍ත උපන් බිළිඳුන්ට ඒ හරහා සේවා ලබාදීම මෙම බැංකුව හරහා සිදුවනු ඇත.

යුනිසෙෆ් සංවිධානය නේපාල රජය සහ අනෙකුත් හවුල්කරුවන් එක්ව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ බව ද පැවැසෙයි.

ලොව පුරා සෑම වසරකම නොමේරූ ළදරුවන් මිලියන 15 කට වඩා උපත ලබන අතර නේපාලය සහ අනෙකුත් මධ්‍යම ආදායම් ලබන රටවල වාර්ෂිකව නොමේරූ දරු උපත් 81,000 ක් සිදුවෙයි.