නිළි මිෂෙල් ට්‍රැච්ටෙන්බර්ග් සමුගනී


1990 සහ 2000 වසරවල ජනප්‍රිය ළමා නිළියක සහ රූපවාහිනී වාර්තා වැඩසටහන් නිවේදිකාවක ලෙස ද ජනප්‍රිය වූ ඇමෙරිකන් නිළි මිෂෙල් ට්‍රැච්ටෙන්බර්ග් මියගිය බවත්, මියයන විට ඇගේ වයස අවුරුදු 39 ක් බවත් හොලිවුඩ් මාධ්‍ය පවසයි.

නිව්යෝක් නුවර සිය නවාතැනේ සිහිසුන්ව සිටි මිෂෙල් ට්‍රැච්ටෙන්බර්ග් රෝහල්ගත කිරීමට පොලිසිය උත්සාහ ගත් නමුත් ඒ වනවිටත් ඇය මියගොස් සිටි බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ට්‍රැච්ටෙන්බර්ග්, සිනමාවට පිවිසියේ 1996 වසරේ දී 'හැරියට් ද ස්පයි' චිත්‍රපටයෙනි. එසේ වුවත්, ට්‍රැච්ටෙන්බර්ග් වඩාත් ප්‍රසිද්ධියට පත් වූයේ 'බෆී ද වැම්පයර් ස්ලේයර්' රූපවාහිනී කතා මාලාවේ කළ රංගනයෙනි. ඉන්පසු ඇය 2007 සිට 2012 දක්වා කාලයේ යොමුව් නිළියක ලෙස 2008 වසරේදී 'ගොසිප් ගර්ල්' රූපවාහිනී කතාමාලාවට ද එක් වී සිටියාය.