ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර කුයින්ස් බෞද්ධ විහාරයේ නායක කුරුණෑගොඩ පියතිස්ස හිමියන්ගේ ශාසනික මෙහෙවර වෙනුවෙන් එම විහාරයේ දහම් පාසලේ අනුබද්ධ තරුණ බෞද්ධ සංගමය විශේෂ බෝධි පූජා පිංකමක් පැවැත්විය.
උන්වහන්සේට උපහාර පිදිමක්ද, දීර්ඝායුෂ පතා සෙත් පැතීමක්ද සිදු කැරිණි.
පිංකම සඳහා නිව්ජර්සි, බොස්ටන් ඇතුළු ප්‍රදේශ රැසක විහාරස්ථානවල භික්ෂුන්ද, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ නිත්‍ය නියෝජිත තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු පිරිසක් ද ලක්වාසීන්ද බෞද්ධ පිරිසක්ද පිංකමට එක්වූහ.




