යුරෝපයේ විශාලම විහාරය ලෙස සැලකෙන නාපොලි බෞද්ධ විහාරය හෙවත් ෆ්රුල්ලොනේ පන්සලේ ඇතිවූ හදිසි ගින්නකින් ඇති විය. යාබද නිවෙසක ගෑස් ටැංකියකින් ඇතිවූ ගින්න විහාර මන්දිරය තෙක් පැතිර යාමෙන් මෙම හානිය සිදුවී ඇති බව වාර්තා වේ. එදින රාත්‍රී 10ට පමණ ඇතිවූ ගින්න, ගිනි නිවන හමුදාවේ මැදිහත් වීමෙන් පසු දා පාන්දර 3න පමණ වන විට මැඩපවත්වන්නට හැකිවූ වග විහාරයධිපති පනංගල වජිරඥාන මා හිමියෝ ප්‍රකාශ කළහ.විහාර වාසී හිමියනට හෝ විහාර මංදිරයට හෝ පොත්ගුලට හෝ කිසිදු අනතුරක් සිදුවී නැති බව ද විහාර මන්දිරය, දානශාලාව ,ධර්ම ශාලාව , ධාතු මන්දිරය ,මුළුතැන්ගෙය, ආදියට හානිවී ඇත.
ගින්න ඇතිවූ නිවෙසේ විසූ කොන්ගෝ ජාතික තරුණයා බරපතල පිළිස්සුම් තුවාල සහිත ව රෝහල්ගතකර ඇත. නාපොලි වැසි බෞද්ධ හා බෞද්ධ නොවන සියල්ලන් ම පාහේ කම්පාවට පත් ව විහාර භුමියේ එක් රැස් ව ඉදිරි පිළිසකර කටයුතු ගැන කතිකා කැරිණි.




