ෆ්රුල්ලොනේ සන් රොක්කෝ කුදු නඟරයේ පිහිටි "නාපොලි බෞද්ධ විහාරය "යුරෝපයේ විශාල ම විහාර මන්දිරය බවට ඉතාලි පුවත්පත් විසින් ඉකුත් දා අබිසෙස් ගන්වා තිබෙනු දක්නට ලැබිණි. දක්ෂිණ ඉතාලියේ ජනප්‍රිය පුවත්පතක් වන "කොර්රිඑරෙ දෙල් මෙත්සොජෝර්නෝ ," වෙසෙසින් ම ඒ වග සිය ලිපියේ සිරස්තලයේ ම සනිටුහන් කෙළේය.
පනංගල වජිරඥාන මා හිමියන් වහන්සේ එහි විහාරාධිපති හිමියෝ ය. ඒ හිමියන්ගේ පැවිදි දිවියට පස්විසිවස් පූරණය ,සිය නාපොලි පැවිදි මෙහෙවරට දසවස් පූරනය,සෑ රදුන් වහන්සේට කොත් පලඳු මංගල්‍ය ,බෝ රදුන් වහන්සේ ගේ රන්වැට නිරාවරණ මංගල්‍ය,නව ගණ්ඨා කුලුනු විවරුව ආදී සියලු උලෙළු කඨින පූජෝත්සවයට සමගාමී ව සිදු විය.
කඨින පූජෝත්සවය සඳහා මහ සඟරුවන ඉතාලියේ නන් දෙසින් වැඩම කළහ. සිංහල සඟ රුවනින් පැවිදිවරය ලත් ඉතාලි ජාතික හිමි නමක් ද පින්කමට සහභාගී වීම පින්කමේ සුවිසෙස් ලකුණක් සේ දක්නට ලැබිණි.පෙර දා සාර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම සංගායනය බැතිමතුන් මහ පිරිසක ගේ ද සහභාගිත්වය ඇතිව මහ සඟරුවන විසින් ඉටුකැරිණි . කඨින දුස්ස මෙහෙවර ද පෙර දා රැයේ මහ සඟරුවන සහ දායක පිරිස විසින් සාම්ප්‍රදාය නොපිරිහෙළා සව්චිත්‍ර ව ඉටුකරනු බොදුනු මෙන් ම නොබුදුනු පිරිස් විසින් ද මහත් බැතියෙන් නරඹන සැටිය අපි දුටුමු .මේ විවරුම් උලෙළු සඳහා ද කටින පෙරහර සඳහා ද පැවැති වැසි නොතකා විසල් පිරිසක් සහභාගී වූහ .

![11220766_10206357911125823_7670463066566368270_o[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/11220766_10206357911125823_7670463066566368270_o1.jpg)
![12244315_1243617685664798_4985928813492529909_o[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/12244315_1243617685664798_4985928813492529909_o1.jpg)
![12265552_10206357908445756_3297086220844902527_o[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/12265552_10206357908445756_3297086220844902527_o1.jpg)
![12265795_10206357921326078_7668333064037994602_o[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/12265795_10206357921326078_7668333064037994602_o1.jpg)
![12273691_1243613345665232_53609653130699792_o[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/12273691_1243613345665232_53609653130699792_o1.jpg)
![12291294_1666261520252281_2161420029343381196_o[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/12291294_1666261520252281_2161420029343381196_o1.jpg)
![12291929_1243609845665582_1473021362508262732_o[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/12291929_1243609845665582_1473021362508262732_o1.jpg)
![12304366_10206357922486107_4270773823068487202_o[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/12304366_10206357922486107_4270773823068487202_o1.jpg)
![12304564_1029306550452951_4009243598428390976_o[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/12304564_1029306550452951_4009243598428390976_o1.jpg)
![12307422_1243614858998414_2049524481684770240_o[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/12307422_1243614858998414_2049524481684770240_o1.jpg)
![12307487_10206357909685787_1129299241201062342_o_(1)[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/12307487_10206357909685787_1129299241201062342_o_11.jpg)
![12307957_1243609568998943_1841370831434738565_o[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/12/12307957_1243609568998943_1841370831434738565_o1.jpg)
