පෝලන්ත ජනාධිපතිවරණයේ දෙවැනි වටයෙන් ඉදිරියට පැමිණීමට කැරොල් නව්රොකී සමත් විය. ඒ, සියයට 50.89 ක ඡන්ද ප්‍රතිශතයක් දිනා ගනිමිනි.
දෙවැනි වටයේදී කැරොල් නව්රොකීට අභියෝගයක් වූයේ රෆාල් සැස්කෝවිස්කී ය. සැස්කෝවිස්කී දිනා ගත්තේ සියයට 49.11 ක ඡන්ද ප්‍රතිශතයකි.
42 හැවිරිදි කැරොල් නව්රොකී, ඉතිහාසඥයකු මෙන්ම ආධුනික බොක්සිං ක්‍රීඩකයකු ද වෙයි. රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට, සමාජ ප්‍රතිපත්ති හඳුන්වා දීමට, යුක්රේන සංචාරකයන් ඇතුළු සෙසු සරණාගතයන්ට වඩා පෝලන්ත වැසියන්ට සැමවිටම මුල්තැන දීම කැරොල් නව්රොකීගේ දේශපාලන පොරොන්දු වෙයි.
(එන්.ඩී.ටීවී.)