චිකාගෝහි ඕ හාරේ ගුවන්තොටුපලින් ගුවන්ගත වූ ඇමරිකානු යානයක ධාවන පථය මතදී ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. යානයේ මගීන් 161දෙනකු ද කාර්යමණ්ඩලය නව දෙනකු ද සිටි බවත් අනතුර වාර්තා වූ සැනින් ගුවන් නියමුවා ක්‍රියාත්මක වීම නිසා සියළු දෙනාගේ ජීවිත බේරා ගැනීමට සමත් වී ඇති බවත් වාර්තා වේ.
බොයිං 767 වර්ගයේ යානයේ ටයරයක් ගිනිගෙන ඇති අතර එන්ජිමටද හානි සිදු වී ඇත. සුළු තුවාල ලැබූ අට දෙනකු රෝහල් ගත කළ බවත් ගින්න සුළු මොහොතකින් නිවා දැමීමට සමත් වූ බවත් ගුවන් තොටුපල බලධාරීහු පවසති.



