දකුණු සුඩානයේ රජයේ හමුදා සහ විරුද්ධවාදීන් අතර ඇතිවූ ගැටුම් හේතුවෙන් 300 දෙනකු පමණ මිය ගොස් ඇතැයි විදෙස් වාර්තා පවසයි. එරට ගැටුම් අද පස්වැනි දිනටත් ක්‍රියාත්මක වන බව කියති.
දකුණු සුඩානයේ අගනුවර වන ජුබා හි විශාල පිපිරීමක් අද සිදුවූ බවත් වැසියන් තම නිවාසවලින් ඉවත්වීම වැළැක්වීමට වෙඩි තැබූ බවත් කියති.
එක්සත් ජාතීන්ගේ පදනමේ ඇතිවූ ගැටුම්වලින් තුවාල ලැබූවන් ගණන 67කි. අට දෙනකු මියගොස් ඇති බවද කියති. එහි සිටින දහසක් පමණවූ පිරිසට වතුර සැපයීමට නොහැකිවන පරිදි වතුර ටැංකි අවහිර කර ඇත.
ගැටුම් හේතුවෙන් ජුබාහි 10000ක් පමණ දෙනා අතුරුදන්ව ඇති බවත් තවත් බොහෝ පිරිසක් එක්සත් ජාතීන්ගේ මධ්‍යස්ථාන දෙකකට සේන්දුවී සිටින බවත් කියති.
දකුණු සුඩානය 2011 වසරේදී සුඩානයෙන් වෙන්වී නිදහස ලැබීය. නමුත් 2013 දෙසැම්බර් සිට ජනපති සල්වා කීර් හා ඔහුගේ හිටපු උප ජනපති රීක් මැචාර් අතර අභ්‍යන්තර ගැටුම් ඇතිවිය. එය සිවිල් යුද්ධයක් බවට පත්විය.





