දකුණු කොරියා ජනාධිපතිවරණය හෙට (3) ආරම්භ වෙයි. දකුණු කොරියාවේ ජනාධිපතිවරණයක් පැවැත්වෙන්නේ, ජනාධිපති ධුරයේ සිටි යූන් සුක් යූල් යුද නීතිය ප්‍රකාශ කිරීමට උත්සාහ ගැනීම සහ පසුව ඔහු දෝෂාභියෝගකට ලක් වීජනපති ධුරය අහිමි වීම හේතුවෙනි.
හෙට (3) පැවැත්වෙන ජනාධිපතිවරණයට අපේක්ෂයෝ 6 දෙනෙක් ඉදිරිපත් වෙති. එයින් ද ප්‍රධාන අපේක්ෂකයන් සිටින්නේ දෙදෙනකු යැයි පැවැසෙයි. එම දෙදෙනා ලී ජේ මුංග් සහ කිම් මූන් සෝ ය. ලී ජේ මුංග්, කොරියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන පක්ෂය වන කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයයි.
කිම් මූන් සෝ නියෝජනය කරන්නේ වත්මන් පාලක පක්ෂය වන ජනතා බලය පක්ෂයයි. මොවුන් දෙදෙනා අතරින් ද 61 හැවිරිදි ලී ජේ මුංග් ජයග්‍රණය කරනු ඇතැයි ජනමත සමීක්ෂණවලින් අනාවරණය වී ඇත. හේතුව, පාලක ජනතා බලය පක්ෂය ජනතා අප්‍රසාදයට පත් වීමය.