දකුණු කොරියාවට මහ වැසි: ජල ගැලීම්


දින ගණනක් තිස්සේ දකුණු කොරියාවට නොකඩවා මහ වැසි ඇද හැලෙයි. මහ වැසි හේතුවෙන් පළාත් රැසක් ජලයෙන් යටවිය. නායයෑම් ද හටගත්තේය. 

දකුණු කොරියානු මාධ්‍ය වාර්තා අනුව, ජල ගැලීම් හේතුවෙන් සහ නායයෑම් හේතුවෙන් මියගිය ගණන 14 කි. 12 දෙනකු අතුරුදන් බව ද පැවැසෙයි.

අනතුරුදායක ස්ථානවල පදිංචි 10,000 ක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති බවත්, නිවාස 41,000 කට මේ වනවිට විදුලි බලය නොමැති බවත් පැවැසෙයි. 

 (ඒ.එෆ්.පී.)