දකුණු කොරියන‘එයාර් බූසාන්’ ගුවන් සේවයට අයත් ‘එයාර් බස් 321’ වර්ගයේ මගී ගුවන් යානයක්, එරට බූසාන් නුවරට ගිණිකොන දෙසින් පිහිටි ගිම්හේ ජාත්යන්තර ගුවන්තොටුපොළෙන් ගුවන්ගත වීමට ඔන්න මෙන්න කියා තිබියදී ගිනි ගත්තේය.
ගින්න හටගත්තේ ඊයේ (28) එරට වේලාවෙන් රාත්‍රී 10.15 ට පමණය. යානය මගීන් 169 දෙනකු සහ නියමුවන් ද ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් හත් දෙනකු සමඟ හොංකොං බලා පියාසර කිරීමට නියමිතව තිබුණි.
ගින්න හටගත් අවස්ථාවේ, මගීහු දැඩි ලෙස බියට පත් වී යානය තුළ කලබල කරන්න වූහ. ඔවුන් සන්සුන් කරමින්, ඔවුන් පිටතට ගන යෑමට ගුවන් සේවිකාවන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය. හටගත් කලබලකාරී තත්ත්වය සහ තෙරපීම නිසා මගීන් තිදෙනකු තුවාල ලැබූ බව ද වාර්තා වේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. පැය කීපයක් ප්‍රමාද වීමෙන් පසු, මගීන් වෙනත් ගුවන් යානයකින් හොංකොං බලා පිටත් කර හැරීමට බලධාරීහු කටයුතු කළහ.
(එන්.ඩී.ටීවී.)