දකුණු අප්‍රිකා තානාපතිට ට්‍රම්ප්ගෙන් තහනමක්


දකුණු අප්‍රිකා රජය සමඟ හටගත් අර්බුදය මුල්කොට ගනිමින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකාවේ දකුණු අප්‍රිකා තානාපතිවරයාට ඇමෙරිකාවට පැමිණීම තහනම් කර ඇතැයි වාර්තා වේ.

ඇමෙරිකාවේ දකුණු අප්‍රිකා තානාපතිවරයා වන්නේ ඊබ්‍රහීම් රසූල්ය. මොහු ඇමෙරිකානුවන් මෙන්ම ඇමෙරිකා ජනාධිපතිවරයා දැඩි ලෙස විවේචනය කරන අයකු බවත්, ඔහු සමඟ කිසිවක් සාකච්ඡා කිරීමට නොමැති බවත් ට්‍රම්ප් පරිපාලනය පවසා ඇත.

ඊශ්‍රායල පලස්තීන අර්බුදයේ දී, පලස්තීනුවන්ට සහාය දක්වමින්, ඊශ්‍රායලය පලස්තීනුවන්ට එරෙහි අපරාධ සිදු කරන බවට, ජාත්‍යන්තර අප්‍රාධ අධිකරණයට පැමිණිලි කර ඇති රටක් වන්නේ දකුණු අප්‍රිකාවය. ට්‍රම්ප් ඊශ්‍රායලයට සහාය දක්වන අතර, මෙය දකුණු අප්‍රිකාව සමඟ හොඳ හිත පළුදු වීමට එක් හේතුවකි.

(ඒ.එෆ්.පි.)