තුර්කියේ කුර්දිෂ් නුවර දකුණු හා නැගෙනහිර ප්‍රදේශයන්හි ආරක්ෂක අංශ හා විරෝධතාකරුවන් අතර ඇතිවූ ගැටුම්වලින් පුද්ගලයන් 7 දෙනකු මිය ගොස් ඇතැයි එරට ආරක්ෂක අංශ කියයි.
එම ප්‍රදේශයට ඇඳිරි නීතියද ක්‍රියාත්මක කර ඇත.
තුර්කි රජය හා කුර්දියේ වැඩකරන ජනතාවගේ පක්ෂය පසුගිය ජූලි මාසයේදී ඇතිවූ සමාදානය බිඳ වැටීමෙන් පසු මෙම තත්ත්වය හටගෙන ඇත.
දියාබාකිර් ප්‍රදේශයේ විරෝධතාකරුවන් උද්ඝෝෂණයක යෙදී සිටියදී ඊට පොලිසිය එල්ල කළ ප්‍රහාරයෙන් පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇතැයි එරට රෝහල් ආරංචි කියයි.



