තුර්කි දේශ සීමාවට ඇතුළුවීමට උත්සාහ කළ සිරියානුවන් 8 දෙනකුට වෙඩි තබා ඝාතනය කර ඇතැයි විදෙස් වාර්තා කියයි.
මිය ගිය අය අතර ළමයින්ද වෙතියි කියති.
උතුරු සිරියාවේ ජිසර් අල් ෂෝගර් නගරයේ පිහිටි තුර්කි දේශ සීමාවේදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව කියති.
සිරියානුවන් තුර්කියට පැමිණීම වළක්වන්නැයි ලැබී ඇති උපදෙස් මත වෙඩි තැබූ බවත් තුර්කි බලධාරීහු කියති.

