තුර්කියේ ඉස්තාන්බුල් නුවර ගුවන්තොටුපළට එල්ලවූ ප්‍රහාරයකින් 36 දෙනකු මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
එය ත්‍රස්තවාදී සංවිධානයක මරාගෙන මැරෙන ප්‍රහාරයක් බව තුර්කි අගමැති බිනලි යිල්දිරිම් පවසයි. ප්‍රහාරයෙන් තුවාල ලැබූ ගණන 147කි. ප්‍රහාරය අයිඑස් සංවිධානයේ ක්‍රියාවක්දැයි සැකයක් පවතින බවද අගමැති කියයි.
ගුවන්තොටුපළට ඇතුළුවූ තුවක්කරුවන් පිරිසක් මුලින් වෙඩි තැබූ බවද ඉන් පසු විශාල පිපිරුමක් සිදුවූ බවද සිද්ධිය දුටුවෝ කියති.
ප්‍රහාරය සඳහා පැමිණි බව කියන තිදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයිද විදෙස් වාර්තා පවසයි.




