තායිවාන භූකම්පනයෙන් මිය ගිය ගණන 94 දක්වා ඉහළට


පසුගිය සෙනසුරාදා තායිවානයේ තායිනන් නගරයේ සිදුවූ ප්‍රබල භූ කම්පනය හේතුවෙන් මියගිය ගණන  නිල වාර්තාවලට අනුව 94 දක්වා වැඩි වී ඇතැයි විදෙස් මාධ්‍ය අද (12 දා )  වාර්තා කළේය.

අතුරුදන් ව සිටින 30 දෙනෙකු ගැන සෙවීමට යොදා ඇති උත්සාහය  තවමත් අත්හැර නොමැති අතර අතුරුදන් වුවන්ගෙන් කිසිවකු මේ වනවිට ජීවතුන් අතර සිටීමට නොහැකි යැයි ගලවා ගැනීමේ කණ්ඩායම් පවසයි.

මියගිය සහ අතුරුදන් වුවන් වෙනුවෙන් ඔවුනගේ ඥාතින් විසින්  අද පැවැත්වූ  ස්මරණ දේව මෙහෙය සඳහා තායිවාන ජනාධිපතිවරයාද සහභාගි වී තිබේ.

මෙම භූමිකම්පාව හේතුවෙන්  තායිනන් නගරයේ සම්පූර්නයෙන්ම කඩා වැටී විනාශ වු එක් ගොඩනැගිල්ලක සිටි සියලුම දෙනා මියගියහ.

ගෝල්ඩන් ඩ්‍රැගන් නැමැති මෙම  ගොඩනැගිලි සංකීර්නයේ  ඉදිකිරිම් භාරව සිටි ලින් මින් හුයි නැමැත්තා සහ එහි ගෘහ නිර්මාණ ශිල්පීන් දෙදෙනකු මෙම ගොඩනැගිල්ල ප්‍රමිතියෙන් තොරව නොසැලකිලිමත්ව   ගොඩනගා තිබීම යන චෝදනා හේතුවෙන් පොලීසිය  සැකපිට රඳවා ගෙන සිටියි.