තායිලන්තයේ නව රජු ලෙස මහා වජිරලොන්කෝන් රජු කිරුළු පැළඳූ බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
දීර්ඝ කාලයක් තායිලන්තයේ රජ කළ භූමිබෝල් රජුගේ අභාවයෙන් පසු කිරුළ හිමි පුත් කුමරු ලෙස වජිරලොන්කෝන් රජු පත්විය.
නව රජුට පාර්ලිමේන්තුවෙන් ලද ආරාධනය අනුව කිරුළු පැළඳීම සිදු කැරිණි.
සිය පිය රජුගේ අභාවයෙන් පසු තායිලන්ත කිරුළ හිමි කුමරු රජ පදවියට පත්වනු ඇතැයි බලාපොරොත්තු වුවද පියා වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීමට ඔහු කාලයක් ඉල්ලා සිටියේය.



