තායිලන්ත කාම්බෝජ දේශසීමා අර්බුදයක්


තායිලන්තය සහ කාම්බෝජය අතර දේශසීමා ආරක්ෂාව තරකර ඇතැයි වාර්තා වේ. 

කාම්බෝජය ඔවුන්ගේ දේශසීමාවේ හමුදා බලය වැඩි කිරීමත් සමඟ ඊට පතිචාර වශයෙන් තමන් ද තම දේශසීමාවේ හමුදා බලය වැඩි කිරීමට තීරණය කළ බව තායිලන්ත ආරක්ෂක අමාත්‍යවරයා පැහැදිලි කර ඇත.

මෙලෙස දේශසීමා ආරක්ෂාව තර කිරීම සිදුවූයේ පසුගිය 28 වැනිදා තායිලන්ත සහ කාම්බෝජ දේශසීමාවේ සිදුවුණු වෙඩි හුවමාරුවකදී තායිලන්ත හමුදාව කළ වෙඩඩි තැබීමකින් කාම්බෝජ සෙබළකු මියයෑමේ සිද්ධියයි.

මේ සම්බන්ධයෙන් දෙරටේ බලධාරීන් සහ හමුදා ප්‍රධානීන් අතරේ සාකච්ඡා පැවැත්වෙන බව ද විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. තායිලන්තආරක්ෂක අමාත්‍යවරයා මෙන්ම නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ද වන ෆුම්තම් වෙචායචායි ද එම සාකච්ඡා සඳහා එක් වී සිටින බව වාර්තා වේ.

ආසියානු රටවල් වන තායිලන්තය සහ කාම්බෝජය අතර දේශසීමා අර්බුදය සියවසකට වඩා වැඩි කාලයක් පුරා පවතී. විශේෂයෙන්ම 11 වන සියවසේ ප්‍රියා විහෙයාර් නමැති බෞද්ධ විහාරය අවට ප්‍රදේශය සම්බන්ධයෙන් 2008 සහ 2011 දී ද අවි ගැටුම් නිර්මාණය විය.

1962 වසරේ දී ජාත්‍යන්තර අධිකරණය මෙම පන්සල කාම්බෝජයට අයත් බවට තීන්දු කළ නමුත්, තායිලන්තය අවට භූමියට තවමත් හිමිකම් කියයි.

ලබන 14 වැනි දා තායිලන්තකාම්බෝජ ඒකාබද්ධ දේශසීමා කොමිසමේ රැස්වීමක් පැවැත්වීමට නියමිත අතර, එහිදී මෙම ගැටලුව සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරනු ඇත.