දකුණු අප්‍රිකාවේ ත්‍රස්ත ප්‍රහාර සැලසුම් කළායැයි සැකපිට අත්අඩංගුවට ගත් නිවුන් සහෝදරයන් දෙදෙනෙකු ලබන 19 වැනිදාතෙක් රිමාන්ඩ් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
යුදෙව් ඉලක්ක වෙත සහ ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රිකයින් වෙත ප්‍රහාරයක් සැලසුම් කළැයි ඔවුන්ට චෝදනා එල්ල විය.බ්‍රැන්ඩන් ලි සහ ටෝනි ලි නම් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ ජොහැන්නස්බර්ග්හි ඔවුන්ගේ නිවාස වැටලීමෙන් අනතුරුවයි.
ඔවුන් සතුව තිබු දුරකථන සහ පරිගණක ද රාජසන්තක කළ බව පොලිසිය පවසයි. ඔවුන් දෙදෙනා සිරියාවේ අයි එස් සටන්කාමීන් සමග එක්වීමට සිතා සිටි බව ඉන්පසු කෙරුණු ප්‍රශ්න කිරීම් වලදී හෙළි වී තිබේ.
එමෙන්ම දකුණු අප්‍රිකාවේ වෙසෙන ඇමෙරිකා පුරවැසියන්ට ත්‍රස්ත ප්‍රහාර එල්ල විය හැකි බව එරට ඇමෙරිකා තානාපති කාර්යාලය අනතුරු අගවා තිබේ. ජොහැන්නස්බර්ග් හි සහ කේප් ටවුන් හි ඇමෙරිකානුවන් නිතර ගැවසෙන කඩසාප්පු වෙළද සංකීර්ණ ඔවුන්ගේ ඉලක්ක වී ඇති බවට සදහන් වේ.

