තලේබාන් ප‍්‍රහාරයෙන් ඇමෙරිකන් සෙබළු සිව් දෙනෙක් මියයති


ඇෆ්ගනිස්තානයේ ඇමෙරිකාවට අයත් බග්රාම් ගුවන් හමුදා කඳවුරට තලේබාන් සටන්කාමීන් ප‍්‍රහාරයක් එල්ල කළ අතර එම ප‍්‍රහාරයෙන් ඇමෙරිකන් සෙබළු සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
ප‍්‍රහාරය එල්ල වූයේ පෙරේදා (18) සවස් වරුවේය. ප‍්‍රහාරයෙන් ඇෆ්ගන් සෙබළුන් කිහිප දෙනකු තුවාල ලැබූ බවත් පැවැසෙයි. බර්ගාම් හමුදා කඳවුර පිහිටා ඇත්තේ කාබුල් නුවර සිට කිලෝ මීටර් 47 ක් දුරිනි.