වසර දෙකක් තිස්සේ ඇෆ්ගන් තලේබාන් ග්‍රහණයේ සිටි ඇමෙරිකන් ජාතිකයකුට නිදහස හිමිවුණු බව ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ජෝර්ජ් ග්ලෙස්මාන් නමැති මෙම ඇමෙරිකානුවා 2022 වසරේ දෙසැම්බරයේ දී තලේබාන් ග්‍රහණයට හසුවූයේ ඔහු සංචාරකයකු ලෙස ඇෆ්ගනිස්තානයට යෑමට උත්සාහ ගනිද්දීය.
මේ අයුරින් තවත් ඇමෙරිකානුවන් කීප දෙනකු ද තලේබාන් ග්‍රහණයේ සිටි අතර, මේ වනවිට ඇමෙරිකන් නියෝජිතයන් සහ තලේබාන් නියෝජිතයන් අතරේ පැවැති සාකච්ඡාවලින් පසු ඔවුන් සියලු දෙනා නිදහස ලබා ඇත.