තලේබාන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්තානයේ 41ක් මරුට


ඇෆ්ගනිස්තාන පාර්ලිමේන්තු පිවිසුම අසල සිදුවූ බෝම්බ පිපිරීමකින් 30 දෙනකු මියගොස් 80 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වෙයි. පිවිසුම ඉදිරිපිට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් හා කාර් බෝම්බ ප්‍රහාරයක් සිදුව ඇතැයි බලධාරීහු පැවසූහ.

එරට ආණ්ඩුකාර නිල නිවාස සංකීර්ණයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් 11 දෙනෙකු මිය ගොස් ඉන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපතිවරයා ඇතුළු 14 දෙනෙක් තුවාල ලැබූහ.

පාර්ලිමේන්තුව අසල ප්‍රහාරයේ වගකීම බාරගන්නා බව තලේබාන් ත්‍රස්තවාදී සංවිධානය ප්‍රකාශ කළේය. බුද්ධි අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනකු ඉලක්ක කරමින් ප්‍රහාරය එල්ල කළ බව තලේබාන් සංවිධානයේ ප්‍රකාශකයෙක් විදෙස් මාධ්‍යයට පැවසීය.

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සේවකයින් සංකීර්ණයෙන් පිටත් වන වේලාවේ දී බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇත.

Untitled-2

(පාර්ලිමේන්තුව අසල තිබු බස් රථයකට හානි සිදුව ඇති අකාරය) (ඡායාරූපය-සීඑන්එන්)

Untitled-1

(පාර්ලිමේන්තුව අසල ආරක්ෂාව දැඩි කර තිබේ) (ඡායාරූපය-ඊපීඒ)