ඇෆ්ගනිස්ථානයේ තලේබාන් ප්‍රහාර දෙකකින් පුද්ගලයන් 21 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.
උතුරු බග්ලාන් පළාතේ මුර සේවයේ යෙදීසිටි නිලධාරීන් 11 දෙනෙකු තලේබාන් කැරලිකරුවන් විසින් මරාදමා ඇත.
උතුරු සමන්ගන් පළාතේ ආණ්ඩු හිතවාදී හමුදා ඉලක්ක කරගනිමින් තලේබාන් කැරලිකරුවන් එල්ල කළ ප්‍රහාරයකින් කාන්තාවක් ඇතුළු 10 දෙනෙකු ඝාතනය කර ඇති අතර එම ප්‍රහාරයෙන් පුද්ලයන් සිව් දෙනෙක් තුවාල ලැබූහ.
මෙම ප්‍රහාර දෙකම තලේබාන් සටන්කරුවන් විසින් සිදු කර ඇති බවට වාර්තා වේ.
(63226)

