තලේබාන් නායක හක්කානිට ඇමෙරිකන් රජයෙන් සහනයක්


 
ප්‍රබල ඇෆ්ගන් තාල්බාන් නායකයකු වන සිරාජුඩීන් හක්කානී අත්අඩංගුවට ගැනීමට තොරතුරක් ලබා දෙන අයකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 10 ක ත්‍යාගයක් පිරි නැමීමට ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව තීරණය මේ වනවිට වෙනස් කර ඇත.
 
ඒ, සිරාජුඩීන් හක්කානී ඇමෙරිකාවට තර්ජනයක් නොවන පුද්ලයකු බව පෙනී යෑමෙන් පසුව යැයි ද පැවැසෙයි. ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව හක්කානී සම්බන්ධයෙන් මෙසේ පැවැසුවේ, වසර දෙකක් තිස්සේ තලේබාන් ග්‍රහණයේ සිටි ඇමෙරිකන් ජාතිකයකුට නිදහස් කිරීමට ඇෆ්ගන් තලේබාන් රජය පියවර ගැනීමත් සමඟය.
 
ජෝර්ජ් ග්ලෙස්මාන් නමැති එම ඇමෙරිකානුවා 2022 වසරේ දෙසැම්බරයේ දී තලේබාන් ග්‍රහණයට හසුවූයේ ඔහු සංචාරකයකු ලෙස ඇෆ්ගනිස්තානයට යෑමට උත්සාහ ගනිද්දීය.
 
මේ අයුරින් තවත් ඇමෙරිකානුවන් කීප දෙනකු ද තලේබාන් ග්‍රහණයේ සිටි අතර, මේ වනවිට ඇමෙරිකන් නියෝජිතයන් සහ තලේබාන් නියෝජිතයන් අතරේ පැවැති සාකච්ඡාවලින් පසු ඔවුන් සියලු දෙනා නිදහස ලබා ඇත.
 
(එන්.ඩී.ටීවී.)