තලේබාන් - ඇෆ්ගනිස්ථානය අතර ගැටුමකින් ඇෆ්ගන් භටයන් 25ක් මරුට


ඇෆ්ගනිස්ථානයේ දකුණුදිග හැමන්ඩ් පළාතේ තලේබාන් ගරිල්ලන් සමඟ ඇතිවූ සටන් වලින් ඇෆ්ගන් හමුදා භටයන් 25දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.

මෙහිදී මරාගෙන මැරෙන ත්‍රස්තයන් තිදෙනකු ඇතුළු තලේබාන් ගරිල්ලන් නව දෙනකු ද මියගොස් ඇත.

මරාගෙන මැරෙන බෝම්බකරුවකු ආහාර ගන්නා ශාලාවක් තුළදී සිය බෝම්බය පුපුරුවා ගෙන ඇති බව බලධාරීහු පවසති.

ඇෆ්ගන් හමුදා විසින් අත්පත්කරගත් ගරිල්ලා කඳවුර නැවත ලබාගැනීම සඳහා මෙලෙස සටන් කර ඇති බව පැවසේ.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)