ඉස්ලාමීය අන්තවාදීන් විසින් ඩකා අගනුවර හෝලි ආටිසන් බේකරි ආපන ශාලාව වෙත ප්‍රහාරයක් එල්ල කොට එහි සිටි පිරිස් තම ග්‍රහණයට ගෙන ඇති අතර එහිදී පොලිසිය අතර ඇතිවූ ගැටුමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 30ට පමණ තුවාල සිදුව ඇතැයි විදෙස් පුවත් වාර්තා කරයි.
මෙම ආපනශාලාව ප්‍රභූන් නිතර ගැවසෙන ස්ථානයක් වන අතර මෙම සන්නද්ධ කණ්ඩායම කවුරුද යන්න හඳුනාගෙන නැති බව එරට මාධ්‍ය වාර්තා කරයි
ප්‍රාණ ඇපයට ගත් පිරිස් පුද්ගලයින් වශයෙන් විවිධ ජාතීන්ට අයත් 20 දෙනෙකු පමණ විය හැකි බව විදෙස් වාර්තා පෙන්වාදෙන අතර ඊට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකුද ඇතුළත් බව මේවන විට තහවුරු වී තිබේ.
ශ්‍රී ලාකිකයන් දෙදෙනා අද (02) මුදාගත් බව ඩකා නුවරින් වාර්තා වේ.





