ටියුනීසියාවේ හිටපු ජනපති වසර 22 ක් හිරේ


ටියුනිසියාවේ හිටපු ජනාධිපති මොන්සේෆ් මර්සුකිට වසර 22 ක සිර දඩුවමක් නියම වී ඇත. ඒ, ඔහු ජනාධිපති ධුරය හොබවද්දී, ටියුනීසියාවේ රාජ්‍ය ආරක්ෂාව අඩපණ කළා යැයි එල්ල වූ චෝදනාවලට වරදකරු වෙමිනි.

මොන්සේෆ් මර්සුකි ටියුනීසියාවේ ජනාධිපති ධුරය හෙබවූයේ 2011 වසරේ සිට 2014 දක්වා කාලයේය. මෙය ටියුනීසියාවේ ජනතා විරෝධතා පැවැති කාලයයි.

නඩු තීන්දු සම්බන්ධයෙන් අදහස් දක්වෙමින්, ටියුනීසියාවෙන් පිටවී, දේශපාලන රැකවල් මත ප්‍රංශයේ පැරිස් නුවර රැදී සිටින හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ, තමන් ප්‍රංශයේ සිටින බැවින්, තමන්ට අධිකරණය කිසිවක් කළ නොහැකි බවය.