ටියුනිසියා ත්‍රස්තයා ඉතාලියේදී වෙඩි කයි


ජර්මනියේ බර්ලින්හි නත්තල් වෙළෙඳපොලක් තුලට ට්‍රක් රියකින් කඩා වදිමින් දොලොස් දෙනෙකු ඝාතනය කරමින් හතලිහක් පමණ තුවාල සිදු කිරිමේ සිද්ධියට සම්බන්ධ ‘‘ආනිස් අම්රි‘‘ නම් ටුයුනිසියා ජාතිකයා ඉතාලියේ මිලාන් සන් ජොවන්නි ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරකින් මිය ගොස් ඇත.

එරට පොලිසිය සැකකරුගේ අනන්‍යතා විමසීමේදී ඔහු අම්රි පිස්තෝලයකින් පොලිසියට වෙඩි තබා ඇති බවත් පසුව පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් ඔහු මිය ගොස් ඇතැයි ඉතාලි ආරක්ෂක අංෂ කියයි.

ජර්මන් බර්ලින්හි සිදුවූ සිද්ධියට අදාල ට්‍රක් රියේ ඇගිලි සලකුණු මෙසේ වෙඩි ප්‍රහාරයෙන් මිය ගිය‘‘ආනිස් අම්රි‘‘ බව පොලිසිය සඳහන් කරයි.