ටැන්සානියා මැතිවරණයට විපක්ෂය නැහැ


අප්‍රිකා රාජ්‍යයක් වන ටැන්සානියාවේ, ජනාධිපතිවරණයත්, පාර්ලිමේන්තු මහ මැතිවරණයත් පැවැත්වීමට නියමිතව ඇති අතර, එරට මැතිවරණ කොමිසම නිවේදනය කර ඇත්තේ, ප්‍රධාන විපක්ෂයට මැතිවරණය සඳහා තරග කළ නොහැකි බවය.

ටැන්සානියාවේ, ජනාධිපතිවරණයත්, පාර්ලිමේන්තු මහ මැතිවරණයත් පැවැත්වීමට නියමිතව ඇත්තේ එලඹෙන ඔක්තෝබර් මාසයේය. ටැන්සානියාවේ ප්‍රධාන විපක්ෂය වන්නේ, චඩේමා දේශපාලන පක්ෂයයි.

ටැන්සානියානු ස්වාධීන ජාතික මැතිවරණ කොමිසම (INEC) නිවේදනය කර ඇත්තේ, ජනාධිපතිවරණයට සහ මහ මැතිවරණයට අනිවාර්ය ආචාර ධර්ම සංග්‍රහ ගිවිසුම අත්සන් කිරීමට පක්ෂය අපොහොසත් වූ බැවින්, ඔවුන්ට ජනාධිපතිවරණයටත් මහ මැතිවරණයටත් ඉදිරිපත් විය නොහැකි බවය.

(අල් ජසීරා)