ලන්ඩන් නගරයේදී ට්‍රෑම් රථයක් අනතුරට ලක්වීමෙන් පස් දෙනකු මියගොස් 50ක් පමණ තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දුම්රිය අනතුරු විමර්ශන අංශය පවසා ඇත්තේ ට්‍රෑම් රථය අධික වේගයෙන් ගමන් කර ඇති බවයි.
රියදුරා අත් අඩංගුවට ගෙන ඇති නමුත් අනතුරට හේතුව කුමකුදැයි නිශ්චිත නැති බව පොලීසිය පවසයි.



