ට්‍රම්ප්ගේ විධායක නියෝගය: පාකිස්තානය කනස්සල්ලෙන්


ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගයකට අනුව, ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙන පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇත. 

මේ සම්බන්ධයෙන් පාකිස්තාන රජය සිය කනස්සල්ල පළ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ට්‍රම්ප්ගේ විධායක නියෝගයත් සමඟ පාකිස්තානයේ බලශක්ති ක්ෂේත්‍රයට අදාළ ව්‍යාපෘති පහක් ද ඇණහිට ඇතැයි ද වාර්තා වේ.

ඇමෙරිකා ජනාධිපතිවරයාගේ විධායක නියෝගය, පාකිස්තානයේ ක්‍රියාත්මක සෞඛ්‍ය, කෘෂිකර්මාන්තය, ජීවනෝපාය සහ ආහාර සුරක්ෂිතතාව, ගංවතුර, දේශගුණය සහ අධ්‍යාපනය සම්බන්ධ බොහෝ ව්‍යාපෘතිවලට ද බලපෑම් එල්ල කරනු ඇති බව ද පැවැසෙයි. 

(එන්.ඩී.ටීවී.)