ට්‍රම්ප් එක්ක ගැටෙන්න බෑ: වැරදි නිවැරදි කරගන්නවා


ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ශක්තිමත්, ප්‍රබල නායකයකු බවත්, ට්‍රම්ප් සමඟ ගැටීමේ කිසිදු අදහසක් තමන්ට නැති බවත්, සිදුවුණු වරද නිවැරදි කර ගන්නා බවත් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.

පසුගිය දා ධවල මන්දිරයේ දී සිදුවුණු සිදුවීම ගැන තමන් පසු තැවෙන බවත්, ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් සහ ජනාධිපති ට්‍රම්ප්ගේ පරිපාලනය සමඟ සහයෝගයෙන් කටයුතු කිීමට කැමැති බවත් යුක්රේන ජනාධිපතිවරයා වැඩි දුරටත් අවධාරණය කර තිබේ.

සෙලෙන්ස්කී මේ බව අවධාරණය කළේ යුක්රේනයට ලබා දෙන හමුදා ආධාර වහා නවත්වන්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කිරීමත් සමඟය.

(ඒ.එෆ්.පී.)