චීනයෙන්, කැනඩාවෙන් සහ මෙක්සිකෝවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ මත සියයට 25 ක තීරු බදු පැනවීම, ක්‍රියාවට නැංවූ බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ඒ අනුව, ඇමෙරිකන් කොටස් වෙළඳපොළ පහත වැටී ඇති අතර ඉහළ උද්ධමනයක් ඇතිවීමේ අවධානමක් පවති බවයි ආර්ථික විශ්ලේෂකයන් පැහැදිලි කර ඇත.
එමෙන්ම චීනය, කැනඩාව සහ මෙක්සිකෝව සමඟ අතීතයේ පටන් ඇමෙරිකාව පවත්වාගෙන ආ වෙළෙඳ හවුල්කාරීත්වය ද ඒ අනුව බිඳ වැටෙනු ඇතැයි පෑවසෙයි. කැනඩාව සහ මෙක්සිකෝව යනු චීනයේ අසල්වැසියන්ය.
මෙම තීරු බදු සම්බන්ධයෙන් කැනඩා අග්‍රාමාත්‍යවරයා සහ මෙක්සිකෝවේ ජනාධිපතිවරයා සමග ට්‍රම්ප් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබුණි.
එහි ප්‍රතිඵලය වූයේ දින 30 කාලයක් සඳහා අදාළ තීරුබදු පැනවීම තාවකාලිකව අත්හිටුවීමයි. එම දින 30 මේ වනවිට අවසන් වී ඇත.
(බීබීසී)