ට්විටර් ඝාතකයාට මරණ දඩුවම


2017 දී ජපානයේ පුද්ගලයන් නව දෙනකු ඝාතනය කළ අයකුට මරණ දඩුවම නියම කෙරුණි. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ජපානය විසින් 2022 න් පසුව එරට ක්‍රියාත්මක කරන ලද පළමු මරණ දඬුවමද මෙය වනු ඇති බවය.

"ට්විටර් ඝාතකයා" ලෙස ද හැඳින්වෙන තකහිරෝ ශිරයිෂි නමැති මෙම 30 හැවිරිදි ඝාතකයා, අවුරුදු 15 -26ත් අතර තරුණියන් ඔහුගේ මහල් නිවාසයට ගෙන ගොස් ගෙල සිරකර ඔවුන්ගේ අවයව කපා ඝාතනය කළ බව පොලිසිය අනාවරණය කර ගත්තේ 2017 දීය.

සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනයේදී තකහිරෝ ශිරයිෂි පවසා ඇත්තේ සියදිවි නසා ගැනීමට උත්සාහා කළ තැනැත්තන් නව දෙනෙකු තමන් ඝාතනය කළ බවත් අදාළ පුද්ගලයින් හඳුනා ගනු ලැබුවේ ට්විටර් සමාජ මාධ්‍ය වේදිකාව හරහා වන බවත්ය.