තායිවානයේ මෙරැන්ටි දූපත්වලට බලපා ඇති සුපර් ටයිපූන් තත්ත්වයක් හේතුවෙන් නිවාස දහසකට වැඩි ප්‍රමාණයකට විදුලිය ඇන හිට ඇතැයි ද මේ වසරේ ලොව ඇතිවූ දරුණුම කුණාටු තත්ත්වය මෙය බවද විදෙස් වාර්තා පවසයි.
පාසල් සහ වෙළඳසල් රැසක් වසා දමා ඇතැයිද අභ්‍යන්තර ගුවන් ගමන් ද අවලංගු කර ඇතැයි ද කියති.
තායිවානයේ මධ්‍යම කාලගුණ කාර්යංශය අනතුරු හඟවා ඇත්තේ කාඕෂින්ග්, හුආලියන් ඇතුළු දකුණු හා නැගෙනහිර නගරවලට පස් ආකාරයකින් කුණාටුව බලපා ඇති බවත් දැඩි සුළං හා වේගවත් වැඩි හා ගංවතුර ඇතිවිය හැකි බවත්ය.
අයහපත් කාලගුණය හේතුවෙන් කාඕෂින්ග් ඇතුළු නගරවල 1500ක් පමණ නිවාසවලින් ඉවත් කර ඇතැයිද එරට මධ්‍යම හදිසි මෙහෙයුම් අංශය පවසයි.
ලක්ෂ දෙකකට වැඩි නිවැසියන් පිරිසකට විදුලිය නොමැති බවද එරට වාර්තා සඳහන් කරයි.





