ජෙරුසෙලමේ වීදියක පිහියක් ඔසවාගත් ත්‍රස්තවාදියෙක් පුද්ගලයන් තිදෙනකුට තුවාල සිදුකිරීමෙන් පසු වෙඩි තබා මරා දැමීමට ඊශ්‍රායල් සොල්දාදුවකු සමත්විය.
නාට්‍යානුසාරී සිදුවීමක් ලෙස මෙය විදෙස් පුවත් සේවා වාර්තා කර තිබිණි.
ත්‍රස්තවාදියා පැමිණි කාර් රථය පදික වේදිකාවේ ගමන් කරමින් සිටි අයකු පසුකර නතර කර ඔහුට තුවාල සිදුකිරීමෙන් පසු ස්වෙච්ඡා පොලිස් නිලධරයකුට පිහියෙන් ඇන ඇතැයි එරට පොලිසිය කියයි.
මෙම සිදුවීම දුටු බසයෙන් බැස පැමිණෙමින් සිටි සොල්දාදුවකු ත්‍රස්තවාදියා දෙසට දිව ගොස් වෙඩි තබා ඇත.
ත්‍රස්තවාදියා නැගෙනහිර ජෙරුසෙලමේ 21 හැවිරිදි අයකු බව කියති. තුවාල ලත් දෙදෙනකු වහාම ප්‍රතිකාර සඳහා රෝහල්ගත කෙරිණි. සිද්ධිය කිසිවකු විසින් වීඩියෝ ගත කර තිබූ අතර ඩේලිමේල් වෙබ් අඩවිය එහි වීඩියෝ දර්ශන ප්‍රසිද්ධ කර තිබිණි.





