සජීවී අවමංගල්‍ය අත්දැකීමක් ලබා දීම තුළින් ජීවිත යහපත් කිරීම අරමුණු කර ගත් සේවාවක් දකුණු කොරියාවේ පවත්වාගෙන යනු ලබයි.
අවමංගල්‍ය ඡායාරූප ගැනීම, අන්තිම කැමති පත්‍ර සැකසීම සහ මිනී පෙට්ටියක වැතිරී සිටීම වැනි අවමංගල්‍යයකට සම්බන්ධ සියලු කටයුතු පිළිබඳ අත්දැකීම් මෙහිදී සේවාලාභීන්ට සැපයේ.
හ්යෝවොන් සුවසේවා මධ්‍යස්ථානයේ ඒ සඳහා පුහුණුව ලැබූ කාර්ය මණ්ඩලයක් සේවය කරති.
මරණය පිළිබඳ අත්දැකීම ලබාදීම තුළින් ජීවිතය නව ප්‍රවේශයකින් ඇරඹිය හැකි බව එම අත්දැකීම ලැබූ පුද්ගලයෙක් පැවසීය.
තරුණ වයස්වල පසුවන්නන්ගේ සිට විශ්‍රාමිකයින් දක්වා විවිධ වයස්වල පසුවන ඕනෑම අයෙකුට මෙම සේවය ලබා ගත හැකිය.
කෙසේ වුවත් තරුණ වයස්වල පසුවන්නන් මීට සහභාගි වීම තුළින් ඔවුන්ගේ ඉදිරි ජීවිතය වඩාත් සැලසුම් සහගතව පවත්වාගෙන යෑමට පිටිවහලක් ලැබෙන බව මෙම සේවාවේ නිර්මාතෘවරු පවසති.

-226-
(රොයිටර් ඇසුරෙනි)

