ජනතා විමුක්ති පෙරමුණ එක්සත් රාජධානි කමිටුව සංවිධානය කළ "2015 මහ මැතිවරණය හා විදේශගත ශ්‍රී ලාංකික අපගේ වගකීම" යන මැයෙන් සම්මන්ත්‍රණයක් ජුලි 25 සවස ලන්ඩනයේ වෙල්ෆාම් ක්‍රීඩාගාර ශාලාවේදී පැවැත්විණි.
අගෝස්තු 17 දා ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මහා මැතිවරණයේදී තමන්ගේ අගනා ජන්දය භාවිතා කිරීම පිළිබඳව ශ්‍රී ලංකාවේ නෑදෑ හිත මිත්‍රාදීන් දැනුවත් කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇත.
එහිදී ස්කයිෆ් තාක්‍ෂණය ඔස්සේ අන්තර්ජාලය හරහා ජවිපෙ ප්‍රචාරක ලේකම් හා ජවිපෙ ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක විජිත හේරත් විසින් විශේෂ දේශනයක් පැවැත්වීය.
ජවිපෙ එක්සත් රාජධානියේ සංවිධායක දර්ශන හෙට්ටිආරච්චි සම්මන්ත්‍රණය මෙහෙයවීය.





