ජර්මන් දුම්රියක් තුළදී ඇෆ්ගනිස්ථාන ජාතික සරණාගතයකු පොරෝ පහර හා පිහි පහර එල්ල කිරීම හේතුවෙන් සිව් දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
දකුණු දිග ජර්මනියේ වුර්ස්බර්ග්හි දුම්රියක් තුළ එසේ කලහකාරී ලෙස හැසිරුණු තරුණයා පොලිස් වෙඩි පහරින් මිය ගිය බව කියති.
සිද්ධිය හේතුවෙන් කම්පනයට පත් පුද්ගලයන් 14 දෙනකුටද ප්‍රතිකාර ලබාදී ඇතැයි කියති. තුවාල ලැබූ තිදෙනකුගේ තත්ත්වය බරපතල බවද ජර්මන් ආරංචි කියයි.
ප්‍රහාරය එල්ල කළ තරුණයා ‘අල්ලාහු අක්බර්‘ යනුවෙන් කෑ ගසා ඇතැයිද කියති.




