ඉන්දියාවේ චෙන්නායිහි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින තමිල්නාඩු ප්‍රාන්ත මහ ඇමතිනී ජයලලිතා මහත්මියට හදිසි හෘදයාබාධ තත්ත්වයක් වැළඳී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මේ බව ආරංචි වු ඇගේ ආධාරකරුවන් ඇය ප්‍රතිකාර ලබන චෙන්නායිහි රෝහල වටා දහස් ගණනින් එක්රැස් වී සිටින අතර විශේෂ පොලිස් ආරක්ෂාවක් ද යොදවා ඇති බව වාර්තා වේ. මහ ඇමැතිනිය මාස ගණනක සිට දැඩි ලෙස රෝගාතුරව සිටින අතර ඇය අවසන් වරට මහජනතාව හමුවේ පෙනී සිටියේ පසුගිය සැප්තැම්බර් මාසයේය.
ඇය මාස ගණනක් රොහල්ගතව සිටියද ඇගේ රෝගී තත්ත්වය ගැන මේ වනතෙක් නිසි පැහැදිලි කිරීමක් සිදු නොවීය.ඒ හේතුවෙන් මේ බව වාර්තා වීමත් සමග පාක්ෂිකයෝ කලබල වී සිටිති.
(ඡායාරූප-ඒ.එෆ්.පී/ඉම්රාන් කුරේෂි)




