ජපානයේ කියුෂු දූපතේ ෆුකුඕකා නගර මධ්‍යයේ මංතීරු පහකින් යුත් ප්‍රධාන මාර්ගයක විශාල කොටසක් ගිලා බැස ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ නිසා මාර්ගයේ මීටර් 30ක පමණ වටප්‍රමාණයකින් යුත් වලක් සෑදී ඇත.
කිසිවෙකුටත් අනතුරු සිදු වී නොමැති නමුත් විදුලි, ජලය සහ ගෑස් සම්බන්ධතා බිඳවැටී ඇතැයි නගරයේ බලධාරීන් පවසයි. ඔවුන් පවසන්නේ ආසන්නයේ ඉදිකරන උමං දුම්රිය මාර්ගයක් මෙම හදිසි ගිලා බැස්මට හේතු වන්නට ඇතැයි විශ්වාස කරන බවයි.



