ජපාන නිවසක ශීතකරණයක් තුළ නව දෙනකුගේ සිරුරු කොටස්


ජපානයේ ටෝකියෝ නගරය ආසන්නයේ සමාහි නිවසක ශීතකරණවල තිබී 9දෙනකුගේ සිරුරු වල කොටස් හමු වී ඇතැයි වාර්තා වේ.

අතුරුදන් වූ කාන්තාවක් සම්බන්ධව සොයමින් සිටින අතරතුර පොලිසියට ලැබුණු ඔත්තුවක් අනුව පරීක්ෂා කිරීමේදී මෙම සිරුරු කොටස් හමුවී ඇත. 

කපා වෙන් කරන ලද මිනිස් හිස් දෙකක් ද තවත් හත් දෙනකුගේ සිරුරු කොටස් ද මෙසේ හමුවී ඇත. සිරුරු අටක් කාන්තාවන්ගේ වන අතර අනෙක පිරිමි සිරුරකි.

නිවසේ හිමිකරු වන 27හැවිරිදි පුද්ගලයෙක් සිද්ධිය සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. තමන් විසින් මෙම පුද්ගලයන් නව දෙනා මරාදැමූ බව සැකකරු පිළිගෙන ඇත. 

මෙම නිවස පිහිටා තිබෙන්නේ ජනාකීර්ණ ප්‍රදේශයක වන අතර දින කිහිපයක සිට  නිවස දෙසින් දුගඳක් හැමූ බව අසල්වාසීන් පවසා ඇත.

(ද ගාඩියන් ඇසුරිණි - 085)