උතුරු චීනයේ, හෙබෙයි පළාතේ, චෙන්ග්-ඩේ නගරයේ වැඩිහිටි නිවාසයක ගින්නන් හටගත්තේය. ගින්නට හසුවීමෙන්, 20 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව වාර්තා වේ.
දුම් ආඝ්‍රාණය වූ සහ පිළිස්සුම් තුවාල ලැබූ පුද්ගලයන් 19 දෙනකු රෝහල්ගත කළ බවත්, ඔවුන්ගෙන් කීප දෙනකුගේ තත්වය බරපතළ බවත් වාර්තා වේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. එය කඩාකප්පල්කාරී ක්‍රියාවක්දැයි සැක කෙරේ. පොලිසිය සැකපිට එක් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද වාර්තා වේ.
ගින්න හටගන්නා අවස්ථාවේදී වැඩිහිටි නිවසේ සිටි වැඩිහිටි පුද්ගලයන් ගණන 32 කි.
ගින්න හටගත්තේ ඊයේ (9) රාත්‍රී 9 ට පමණය. ගින්න නිවා දැමීමට ගිනි නිවන ට්‍රක් රථ කීපයක් යෙදවුණු බව ද වාර්තා වේ.