චීනයේ ජියැංශි පළාතේ බලාගාර වැඩබිමක ආධාරක වේදිකාවක් කඩාවැටීමෙන් 67දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වැඩබිමේ සිටි සේවකයන්ගෙන් දිවි ගලවාගෙන ඇත්තේ සේවකයන් දෙදෙනකු පමණක් බවත් එක් පුද්ගලයෙකු සොයාගැනීමට නොමැති බවත් වාර්තා වේ.
තාප විදුලි බලාගාරයේ සිසිලන කුළුණේ ඉදිකිරීම් කටයුතු සිදු කරද්දී වේදිකාව කඩා වැටී ඇත. ගිනි නිවන රථ 32ක් හා හමුදා සොල්දාදුවන් විශාල පිරිසක් යොදවා මෙහෙයුම් කටයුතු සිදුකරන බව බලධාරීහු පවසති.



