චීනය ඇමෙරිකන් ගුවන් යානා එපා කියයි


චීන රජය, එරට ගුවන් සමාගම් සඳහා ඇමෙරිකාවේ නිෂ්පාදිත බෝයිං ගුවන් යානා ඇණවුම් කිරීම නැවැත්වීමට තීරණය කර ඇත.

චීනය මෙසේ ඇමෙරිකාවට විරෝධයක් දැක්වූයේ ඇමෙරිකාව, චීන භාණ්ඩ සඳහා සියයට 145 ක සම්පූර්ණ තීරුබදු පැනවීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස යැයි ද පැවැසෙයි.

චීන ගුවන් සමාගම් ඉදිරි වසර කීපයේ බෝයිං ගුවන් යානා 179 ක් මිලදී ගැනීමට සූදානමින් සිටි බව ද වාර්තා වේ.

(අල් ජසීරා)