එකිනෙකාට තීරු බදු පනවා ගනිමින්, ඇමෙරිකන් චීන වෙළෙඳ යුද්ධය දිනෙන් දින උත්සන්න වෙද්දී, චීන ජනාධිපති ෂී ජින්පින්, ඇමෙරිකාවේ තීරු බදුවලට විරුද්ධ වෙන්නැයි අසල්වැසි කලාපීය රටවලින් ඉල්ලීමක් කරමින්, ආසියානු සංචාරයක් ආරම්භ කළේය.
චීන ජනාධිපතිවරයාගේ පළමු නැවතුම වූයේ වියට්නාමයයි. වියට්නාමය ඇමෙරිකාවේ සමීප මිතුරකු වුවත්, ට්‍රම්ප් වියට්නාමයට ද තීරු බදු පනවා ඇත.
ට්‍රම්ප්ගේ ප්‍රති තීරු බදු සම්බන්ධයෙන් විරුද්ධ වන ලෙසත්, නිදහස් වෙළෙඳ ගිවිසුම් පවත්වාගෙන යෑමට පියවර ගන්නා ලෙසත් චීන ජනාධිපතිවරයා වියට්නාම අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.
කලාපීය වශයෙන් කලාපීය රටවල් අතරේ එකමුතුවක් අවශ්‍ය බව ද චීන ජනාධිපතිවරයා වියට්නාම අග්‍රාමාත්‍ය පහාම් මින්හ් චිං හමුවේ පැහැදිලි කළේය.
වියට්නාමයේ හැනොයි අගනුවරට පැමිණි චීන ජනාධිපතිවරයා පිළිගැනීම සිදුවූයේ ආචාර වෙඩි මුර 21 ක් ද සමඟ හමුදා උත්තමාචාර මැදය.
චීන වියට්නාම සබඳතා සැමවිටම ශක්තියක් බවත්, තමන්ගේ ආසියානු සංචාරයේදී තමන් පළමුවෙන් වියට්නාමය තෝරා ගැනීම සම්බන්ධයෙන් පැහැදිලි වන්නේ, චීන වියට්නාම සබඳතා තවත් ශක්තිමත් වීම යැයි ද චීන ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
(එන්.ඩී.ටීවී.)